පසුගිය දිනවලදි නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත්කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෝසම් වැසි සමඟ ගංගාවලින් වාර්තා වු කරමක් ඉහළ ජල මට්ටම මේ වන විට සැලකිය යුතු ලෙස පහළ යමින් පවති.
එම ගංගාවල ගංවතුර සම්බන්ධයෙන් වු අවදානම මේ වන විට පහව යමින් පවතින බැවින් මෙම ඉවත් කිරිම සිදුකරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.