ගෙවුණු දින 7 තුළ පමණක් ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වසංගතය ආරම්භයේ සිට ආසාදන සිද්ධීන් සංඛ්‍යාව කෙටිම කාලයක් තුළ ඝාතීය ලෙස වැඩිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, ගෙවුණු සතිය තුළ නව මරණ 40,000ක් වාර්තා වී ඇති බවද කියයි.
ඔක්තෝබර් 25දා වනවිට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන මිලියන 42කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මිලියන 1.1ක් මිය ගොස් ඇති බව ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, පසුගිය සතිය තුළ නව ආසාදන මිලියන 2.8ක් සහ නව මරණ 40,000ක් සලකුණු කර ඇති බව කියයි.
එහිදී යුරෝපය අඛණ්ඩව දෙවැනි සතිය තුළ වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ මිලියන 1.3කට වඩා වැඩි ප්රමාණයකිනි. එය පෙර සතියට සාපේක්ෂව 33%ක වැඩිවීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ගෝලීය වශයෙන් යුරෝපය මේ සතියේ නව ආසාදනවලින් 46%ක් හෝ අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වී ඇති බවය.
"ඒ හා සමානව, කලාපයේ මරණ සංඛ්‍යාව පසුගිය සතියට වඩා 35%කින් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය වශයෙන් සිදුවන නව මරණවලින් තුනෙන් එකක් පමණ යුරෝපයෙන් වාර්තා වී තිබෙනවා." සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය, නැගෙනහිර මධ්‍යධරණී සහ අප්‍රිකානු හා ආසියානු කලාපවලද ආසාදිතයන් වැඩි වෙමින් පවතී.