මෙක්සිකෝවේ නව කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා එහි විශාලතම තනි දිනකදී ආසාදිතයන් හා මරණ වැඩිම වාර්තා වීම ගෙවීගිය දිනයේදී සනිටුහන් වෙයි.
මෙක්සිකානු සෞඛ්‍ය බලධාරීන් සහ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අඟහරුවාදා අතිරේක ආසාදිතයන් 3,455ක් වාර්තා කර ඇති අතර, අද (27දා) අලුයම වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිත අගය 74,560ක් දක්වා වැඩිවී තිබේ.
එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් විසින් එදින අලුතින් කොරෝනා මරණ 501ක් වාර්තා කර ඇති බව සනාථ කළ අතර, ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 8,134 කි. මෙක්සිකෝව එක් දිනක් තුළ මරණ 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ පළමු වැනි අවස්ථාව මෙයයි.
නව වාර්තා පැමිණෙන්නේ මෙක්සිකෝ රජය වෛරසයෙන් බලපෑමට ලක් නොවූ ස්ථාන ආශ්‍රිතව සිය ආර්ථිකයේ සමහර කොටස් මන්දගාමීව නමුත් නැවත විවෘත කිරීමේ සැලසුම් සමග ඉදිරියට යමින් සිටියදීය.