ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඊයේ (24දා) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 20,634ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ 633 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න්ම, කොලොම්බියා දිස්ත්‍රික්කයෙන් සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල සියලුම ආසාදිත අගයන් මෙන්ම, නැවත එරටට ගෙන්වා ගත් ආසාදිත අගයන්ද මීට ඇතුළත් බව සඳහන් වෙයි.
මෙම නව ආසාදිතයන්ද ඇතුළුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,643,499ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 97,722කි.
ඇතැම් ප්‍රාන්තවල සමාජ දුරස්ථකරණ සීමා ලිහිල් කිරීමත් සමග බොහෝ දෙනෙකු වගකීමෙන් තොර හැසිරීම් පෙන්නුම් කරන බවත්, තරුණ කොටස් විශාල වශයෙන් එක් රැස්ව උත්සව පවත්වමින් විනෝද වන අතර, තවත් විශාල පිරිසක් වෙරළ තීරවලට එක්රැස්ව ඇති බවත් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
එහිදී වැඩිම මරණ නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගය 29,141ක් වන අතර, දෙවනුවට වැඩිම මරණ නිව් ජර්සි ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. එම අගය 11,138කි.
එමෙන්ම ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස 366,736ක් බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.