කොවිඩ් 19 වසංගතය හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි හා ධීවර විශ්‍රාම වැටප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.
ඒ අනුව තමන්ට නියමිත තැපැල් කාර්යාලය මගින් මැයි 11 දා සිට 15 දා දක්වා ලබාගැනීමට හැකි බවද ඔහු සඳහන් කරයි.