ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් මස 01 වැනි දින සිට මෙම මස 09 වැනි දින දක්වා අතර කාලය තුළ ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණ නිති උල්ලංඝනය කිරිම් 147ක්, ප්‍රචණ්ඩක්‍රියා 03ක් හා වෙනත් පැමිණිලි 14ක් ලැබි ඇති බවද මැතිවරණ පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ලැබි ඇති පැමිණිලි වලින් 27ක් අසත්‍ය පැමිණිලි බවට අනාවරණය වි ඇති බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් බවද මැතිවරණ පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම සම්බන්ධව වැඩි වශයෙන් පැමිණිලි ලැබි ඇති බවද මෙම මධ්‍යස්ථානට පවසයි.
මිට අමතරව මැතිවරණ කාර්යාලවල පොස්ටර් හා කටවුට් ඉරා දැමිම සම්බන්ධව පැමිණිලි ලැබි ඇති බවද මැතිවරණ පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
.