වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බුස්ස යන බන්ධනාගාරවල රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි පිරිමි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.
ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්දයෙන් සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් 06 දෙනෙකු හා බුස්ස බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් 06 දෙනෙකු අද (07) නිදහස ලබා බන්ධනාගාරවලින් පිටව ගියහ.