ගාල්ල දිස්ත්‍රික්කයේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් 2020 වර්ෂයේ ප්‍රධාන ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරනු ලබයි. සමස්තයක් ලෙස දිස්ත්‍රික්කයෙන් දියර කිරි ලීටර් ලක්ෂ 159ක ඉලක්කයක් ළඟා කර ගැනීමට මෙමගින් සැලසුම් කර තිබේ.
කිරි ගව ගොවිපළ දිරි ගැන්වීම, කාන්තා මුලික කිරි ගොවිපළ සංවර්ධනය, අභිජනන ගොවිපළ ඇති කිරීම , නව කිරි ගව ගොවිපළ ආරම්භ කිරිම, තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර ලබා දිම, කිරි ගන්නා දෙනුන් සඳහා සාන්ද්‍ර ආහාර ලබා දීම , තෝරාගත් කිරි ගව ගොවිපළ සඳහා සෞඛ්‍යාරක්ෂණ කට්ටල ලබා දීම මේ යටතේ සිදු කෙරෙයි.
මෙම ව්‍යාපෘතිවල ක්‍රියාකාරකම් වශයෙන් සතුන් ලබා දිම හෝ ගව නිවාස ලබා දිම සිදු කෙරේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19ක ව්‍යාපෘති 03ක් බැගින් ක්‍රියාත්මක කෙරෙන අතර නව කිරි ගොවිපළ ආරම්භ කිරීම සඳහා රුපියල් 50,000 බැගින් ලබා දිමට නියමිතය.
කිරි ගන්නා දෙනුන් සඳහා සාන්ද්‍ර ආහාර ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 79ක වියදමක් ඇස්තමේන්තුගත කර තිබේ. මීට අමතරව කිරිගව ගොවිපළ සඳහා සෞඛ්‍යාරක්ෂණ කට්ටල ලබා දිමේ ව්‍යාපෘතියක් රුපියල් ලක්ෂ 3.6ක වියදමින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 තුළ ක්‍රියාත්මක කෙරේ.
මෙයට අමතරව බලපිටිය, ඇල්පිටිය, වැලිවිටිය දිවිතුර, බෝපෙ පෝද්දල, රත්ගම සහ ගෝනපිනුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා කිරි ගව ගොවිපළ දිරි ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අතර එක් ඒකකයක් සඳහා රුපියල් 80,000ක මුදලක් මේ හරහා ලබා දීම සිදු කෙරේ.
හිනිඳුම, හබරාදුව, බෙන්තර සහ අක්මීමණ කොට්ඨාසයන්හි කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් මීට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන අතර කාන්තා මුලික කිරි ගොවිපළ සංවර්ධනය කිරීම සඳහා එක් ඒකකයක් සඳහා රුපියල් 80,000ක් ලබා දෙයි. සත්ත්ව අභිජනන ගොවිපළ 05ක් සඳහා එකකට රුපියල් ලක්ෂයක් බැගින් ආධාර ලබා දිම සිදු කෙරෙන අතර නියාගම, වැලිවිටිය දිවිතුර, බලපිටිය, හිනිඳුම සහ රත්ගම මෙලෙස අභිජනන ගොවිපළ ඇති කිරීම සිදු කෙරේ.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට