ගාල්ල ශ්‍රී ලංගම ඩිපෝවෙන් ටිකට් යන්ත්‍රයක් සොරකම්කරගෙන මගීන්ට ව්‍යාජ ටිකට්පත් නිකුත් කොට රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරිම සම්බන්ධයෙන් ගාලු ඩිපෝවේ කළමනාකරු ඇතුලු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කල බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශිය කළමනාකාර කාර්යාලය පවසයි.
ඩිපෝ කළමනාකරු පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනා සහ යෙදවිම් නිලධාරි යන සිව් දෙනා වැඩ තහනමට ලක්කර ඇති අතර යෙදවිම් නිලධාරියාද පරිගණක කටයුතුවල නිරත වන අයෙකු බවදග ලංගගගම උසස් නිලධාරියෙකු පැවසිය.
සිද්ධිය වාර්තාවිමෙන් පසුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නිලධාරි කණ්ඩායමක් විසින් මූලික පරික්ෂණ පවත්වා මෙම සිව් දෙනාගේ වැඩ තහනම් කර ඇත .
මේ වනවිට ව්‍යාජ ටිකට් පත් නිකුත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු අත් අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගාල්ල පොලිසිය පැවසුවේ තවත් ටිකට් යන්ත්‍ර දෙකක් අතුරුදහන්වි ඇති බවට තවත් පැමිණිල්ලක්ද ලැබි ඇති බවය.
සොරකම් කරන ලද ටිකට් මැෂිම වඳුරඹ ප්රණදේශයේ නිවසක සඟවා තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇත.
පරික්ෂණ වලදි අනාවරණයවි ඇත්තේ බස් රථය ගමන් ආරම්බ කිරිමට පෙර එදින ධාවනය වන මාර්ගයේ ගමනාන්ත අනුව ඔහු ව්‍යාජ ටිකට්පත් ද රැගෙන ගොස් නියම මැෂිමෙන් නිකුත් කරන ටිකට් අතරට ව්‍යාජ ටිකට්ද නිකුත් කරන අතර මෙම මැෂිම කොන්දොස්තරවරුන් කිහිප දෙනෙකු අතරේ හුවමාරවි වංචාව සිදුකර ඇති බවය.
පසුගිය වසරේ ජූනි මාසයේ මෙම ටිකට් මැෂිම සොරකම් කර ඇති බවද කිහිප දෙනෙකු අතරේ මෙම මැෂිම හුවමාරු කරගනිමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ලංගගගමගයට සිදුකර ඇති පාඩුව රුපියල් ලක්ෂ පහකට අධික බවද අනාවරණය කරගෙන තිබේ.