ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සතිපතා වාර්තා වූ කොවඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය සතියේ යළිත් වටයකට ඉහළ ගොස් තිබේ.
කොව්ඩ්-19 පිළිබඳ සාමාජික රාජ්‍ය තොරතුරු සැසියකදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම්, එන්නත් නිසා වසංගතයට දක්වන ප්‍රතිචාර කිසිම අයුරකින් ලිහිල් නොකරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටියේය.
"එන්නත් පමණක් ඔබව ආරක්ෂිතව තබා නොගන්නා බව රජයන් සහ ඒ රටවල මහජනතාව හොඳින් මතක තබා ගත යුතුයි. මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය) ප්‍රතිචාරයේ පදනම ලෙස පවතිනවා" ඔහු පැවසීය.
"එයින් සමහරක් (සතිපතා ආසාදන වැඩිවීම) මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලිහිල් කිරීම, වෛරසයේ ප්‍රභේද අඛණ්ඩව සංසරණය වීම සහ මිනිසුන් තම ආරක්ෂාව අඩු කිරීම නිසා ඇති වූවක් බව පෙනී යනවා." ටෙඩ්රෝස් පැවසීය.
විවිධ රටවල් මේ වනවිටත් විශාල වශයෙන් එන්නත් ලබාදීම අරඹා ඇති අතර, එය ඉදිරි පෙළ සේවකයන් සහ අනෙකුත් අවදානම් කණ්ඩායම්වලින් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් එන්නත් සමග ඇතැම් රටවල් සහ එම රටවල ප්‍රාන්ත ආණ්ඩු විසින් යම් යම් සීමාවන් ලිහිල් කිරීමත්, නායකයන් මෙන්ම ජනතාවද එන්නත පිළිබඳව පමණක් වැඩි බරක් තැබීමත් මේ ආකාරයෙන් ආසාදන යළිත් වටයකට ඉහළ යෑමට තුඩු දී තිබේ.
මෙය වසංගතය සම්පූර්ණයෙන්ම ගණනකට නොගත් රටවල් මෙන්ම, මුලින් ඉතා හොඳින් වසංගතය පාලනය කර, පසුව වසංගතය පිළිබඳ අවධානය බින්දුවට දමා කටයුතු කිරීමෙන් සෞඛ්‍යමය හා ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමක් අත්කරගත් රටවල් මේ මොහොතේ වඩාත් විචක්ෂණශීලීව කටයුතු කළ අවස්ථාවක් වන අතරම, ඒ ජනතාවද පාලකයන් මෙන්ම තම වගකීම (මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කිරීමේ) නොපිරි හෙළා ඉටුකළ යුතු අවස්ථාවක් බව ලොවපුරා වසංගත රෝග පිළිබඳ විශේෂඥ මතය වී තිබේ.