ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් අඛණ්ඩව 08 වැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අනතුරු අඟවයි.
ඊයේ (19දා) ස්විටර්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"පසුගිය සතියේ කොවිඩ්-19 හි නව ආසාදිතයන් අඛණ්ඩව 08 වැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති අතර, එහිදී ආසාදිතයන් මිලියන 5.2කට වඩා වාර්තා වී තිබෙනවා.
ඒ වගේම, අඛණ්ඩව 05 වැනි සතියටත් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට මිලියන 3කට අධික මරණ සංඛ්‍යාවක් සංවිධානයට වාර්තා වී තිබෙනවා.
කොවිඩ්-19 මරණ මිලියනයක් කරා ළඟා වීමට මාස නවයක් ගත වුණා. මිලියන 2ක් කරා ළඟා වීමට මාස හතරක් ගත වුණා. මරණ මිලියන 3ක් කරා යාමට මාස තුනයි ගතවී තිබෙන්නේ." යනුවෙන් ටෙඩ්රොස් පැවසීය. "මෙවැනි විශාල සංඛ්‍යාවක් අපව නොසන්සුන් කළ හැකි නමුත්, මේ සෑම මරණයක්ම පවුල්, ප්‍රජාවන් සහ ජාතීන්ට ඛේදවාචකයක්."