කොවිඩ්-19 හි ගෝලීය මරණ සතියකට 100,000ක් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය පසුගිය සතියේ වාර්තා වූ 93,000ක මරණ සංඛ්‍යාව සමග සැලකීමේදී සිදුවිය හැකි දෙයක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරී මණ්ඩල රැස්වීමට සපයන ලද වසංගත විද්‍යාත්මක යාවත්කාලීන කිරීමකදී ඔහු කියා සිටියේ වර්තමාන මරණවලින් 47%ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බවයි. යුරෝපයේ සිද්ධීන් හා මරණ ස්ථාවර වන නමුත් ඉහළ මට්ටමක පවතින බවද ඔහු පැවසීය.
"වර්තමානයේ අපගේ වසංගත රෝග තත්ත්වය වේගවත් හා අසමානයි. එය ප්‍රභේදයන්ගෙන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා" ඔහු මණ්ඩලයට පැවසීය.