චීනයෙන් වාර්තා වූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවට වැඩි අගයක් චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත වාර්තා වෙයි.
පසුගිය වසර අවාසනයේදී ප්‍රථම වරට වෛරසය සොයාගැනුණු චීනයෙන් මාස ගණනාවකට පසුව සිදුව ඇති මෙම සංකේන්ද්‍රණය වසංගත පරිණාමයේ වැදගත් අවස්ථාවකි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අඟහරුවාදා කියා සිටියේ එරට වාර්තා වන මරණ සංඛ්‍යාව 3,226ක් බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අතිරේක ප්‍රභවයන් විසින් වාර්තා කරන ලද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය වාර්තා කරන ගෝලීය මරණ සංඛ්‍යාව මේ වනවිට 7,150ක් පමණ වන අතර චීනයෙන් පිටත මරණ 3,924ක් වාර්තා වේ. එය චීනයට පිටතින් සිදුවන මරණ 700කට වඩා වැඩිය.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති නවතම ගෝලීය මරණ සංඛ්‍යාව 6,610කි. චීනයේ මරණ සංඛ්‍යාව 3,218ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,392කි. එසේ සලකා බැලුවද අවම වශයෙන් චීනයෙන් පිටත මරණ 174ක් ලෙස වාර්තා වෙයි.
චීනයෙන් පිටත විශාලතම වසංගතය වාර්තා වන්නේ ඉතාලියෙනි. එරට මරණ 2,158ක් වාර්තා වී තිබේ. ජෝන්ස් හොප්කින්ස් පවසන පරිදි ඉරානය 853ක් සහ ස්පාඤ්ඤයේ මරණ 342ක් වාර්තා කර තිබේ.
ලොව පුරා නව කොරෝනා ආසාදිත පිරිස් අඛණ්ඩව වේගවත් වන අතර යුරෝපය වසංගතයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත.
වෛරසය පාලනය සඳහා ආසියාව ගෙන ඇති ආක්‍රමණශීලී පාලනයන් සහ සමාජ දුරස්ථ පියවරයන් සමඟ වේගයෙන් ක්‍රියා කළ රටවල් මෑත සතිවලදී වෛරසය බොහෝ සේ පාලනය කරගැනීමට කටයුතු කරමින් සිටියද, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සමහර රටවල් තම රටවල වසංගතය පැතිරීම වැළැක්වීමට හෝ මරණ නැවැත්වීමට එතරම් වේගයෙන් ක්‍රියා නොකරන බවටත් චෝදනා පවතී.