කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව ලොව පුරා 21,162ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මීට අමතරව 120,000කට ආසන්න ආසාදිතයන් පිරිසක් වෛරසය වැළඳී ප්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බවද සඳහන් වෙයි.
මේ අතර එක්සත් ජනපදයේ ප්‍රමුඛතම සෞඛ්‍ය බලධාරියා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසා සිටියේ එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වී ඇති බවයි.