ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා වසංගත රෝග යාවත්කාලීනයට අනුව ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් අඛණ්ඩව හයවැනි සතිය දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය සතිය තුළ නව ආසාදිතයන් මිලියන හතරකට වඩා වාර්තා වී තිබේ.
ගිනිකොනදිග ආසියානු කලාපය, විශේෂයෙන් ඉන්දියාව සහ බටහිර පැසිෆික් කලාපය ආශ්‍රිතව ආසාදනයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එමෙන්ම ඉන්දියාවට පසුව වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, එක්සත් ජනපදය, තුර්කිය සහ ප්‍රංශය යන රටවලිනි.
පසුගිය සතිය තුළ නව මරණ 71,000කට වඩා වාර්තා වී ඇති අතර, එය පෙර සතියට සාපේක්ෂව 11% ක වර්ධනයකි.
අප්‍රිකානු කලාපය හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. අග්නිදිග ආසියානු කලාපයේද නව මරණවල විශාලතම වැඩිවීමක් (46%) වාර්තා වී ඇත.
මේ තත්ත්වය තුළ වසංගතයට එරෙහිව ලබාදෙන එන්නත්කරණය කඩිනම් කිරීමත්, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථකරණය ආරක්ෂා කිරීම වැනි පියවර අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කමත් වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කරයි.