ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 5ක (5,000,000) සීමාව පසුකර ගිය බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන වෙනත් ආයතන විසින් මීට පෙරම මෙම අගය පසුකිරීම ගැන සඳහන් කළද, මේ දක්වා බොහෝ පිළිගත් මාධ්‍ය ආයතන විසින් ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් පිළිබඳ නිවැරදි දත්ත ලබාගන්නා ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මේ ආකාරයෙන් සිය දත්ත සටහනේ ආසාදිතයන් මිලියන 5ක සීමාව පසුකළ බව දැනුම්දෙනු ලැබුවේ මීට සුළු මොහොතකට පෙරදීය. ඒ අනුව ඔවුන්ගේ දත්ත සටහනට අනුව මේ මොහොතේ ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 5,000,038කි.
එසේම එම දත්ත වාර්තාවන්ට අනුව මේ වනවිට ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආශ්රිත සමස්ත මරණ සංඛ්‍යාව 328,172ක් ලෙස දැක්වෙයි.
එසේම නව කොරෝනා වෛරසය ආසාදිතව සිට ගෝලීය වශයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති පිරිසද 1,899,350ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.