2019 සාමාන්‍ය මට්ටමට සාපේක්ෂව ජනවාරි සිට අප්‍රේල් මුල දක්වා දෛනික විමෝචනය 17%කින් අඩුවී ඇති බවත්, වසර අවසාන වනවිට 4.4% සිට 8%ක් දක්වා ඕනෑම අගයකට පහළ වැටිය හැකි බවත් ගෝලීය කාබන් විමෝචනය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එමෙන්ම වර්ෂ 2006 සිට ගෝලීය කාබන් විමෝචනය මෙම මට්ටම අඩු වීමක් වාර්තා වී නොමැති බවද කියයි.
නේචර් ක්ලයිමට් චේන්ජ් සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයේදී රටවල් 69ක්, එක්සත් ජනපද ප්‍රාන්ත 50 ක් සහ චීනයේ පළාත් 30ක් කේන්ද්‍ර කරගෙන ඇති අතර, එය ලෝක ජනගහනයෙන් 85%ක් සහ ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 97%ක් ආවරණය වන කලාපයක් බව සඳහන් වෙයි.
ඇස්තමේන්තුගත සංඛ්‍යා සටහන අනුව පසුගිය අපේ‍්‍රල් මාසය අවසන් වනවිට කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් 1,048කින් අඩු වී ඇතැයි ගණන් බලා ඇති බව පර්යේෂකයෝ පවසති. එය දළ වශයෙන් රාත්තල් 2,312,649කි.