කොවිඩ් -19 එන්නත නිපදවීම සඳහා සහයෝගය දැක්වීම සඳහා එකට එක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීම සඳහා එක්සත් රාජධානිය ජුනි 4දා 'ගෝලීය එන්නත් සමුළුවක්' පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ ලේකම් ඩොමිනික් රාබ් ඊයේ (24දා) නිවේදනය කළේය.
"රෝගයන්ට සීමා මායිම් නැහැ. එබැවින් 'ගාවි' (එන්නත් සන්ධානයට) පූර්ණ අරමුදල් සම්පාදනය කර ඇති බවට සහතික කර ගැනීම සඳහා අප එක්විය යුතුයි. මන්දයත් එහි විශේෂඥතාව පවතින්නේ ඕනෑම කොවිඩ්-19 එන්නතකට පුළුල් ප්‍රවේශයක් ලබාගැනීමට දරණ පුළුල් උත්සාහයන් තුළයි" යනුවෙන් රාබ් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.
'ගාවි' යනු එන්නත් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර සංවිධානයකි.
යුරෝපා සංගමය, ජපානය, සෞදි අරාබිය, නෝර්වේ සහ දකුණු අප්‍රිකාව ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක්සත් රාජධානිය මැයි 4දා 'කොරෝනා වෛරස ගෝලීය ප්‍රතිචාර සමුළුවේ' සම සත්කාරකත්වය දරනු ඇතැයිද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
"කොවිඩ්-19 එන්නතක් නිපදවීමට සහ වඩා හොඳ පරීක්ෂණ කිරීමට එක්සත් රාජධානිය ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. මැයි 4දා 'කොරෝනා වෛරස ගෝලීය ප්‍රතිචාර' සමුළුව අපගේ හවුල්කරුවන් සමඟ සම-සත්කාරකත්වය දැක්වීමට ලැබීම ගැන අප සතුටට පත්වෙනවා." යැයි එම ට්විටර් පණිවුඩයෙන් කියවුණි.