ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව තුන්වැනි සතියටත් අඛණ්ඩව පහත වැටීමක් පෙන්වන නමුත්, තහවුරු කරන ලද ආසාදිතයන් සංඛ්‍යාව තවමත් වසංගත කාලය තුළ පැවති ඉහළම මට්ටම්වල පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 සතිපතා යාවත්කාලීනයට අනුව, මැයි 16දා දක්වා වූ ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ දත්ත සම්පාදනය අනුව, මේ සතියේ ලොව පුරා ආසාදිතයන් මිලියන 4.8ක් වාර්තා වී ඇති අතර, නව මරණ 86,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් එම ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව නඩු 12%කින් පහත වැටී ඇති අතර, යුරෝපයේ තියුණු පහළ වැටීමක් වාර්තා වූයේ ඊට පෙර සතියට වඩා 26%කින් ආසාදිතයන් අඩු වෙමිනි.
නව ආසාදිතයන් සංඛ්‍යාව පෙර සතියට සමාන අගයක් ගන්නා බටහිර පැසිෆික් කලාපය හැරුණු විට මේ සතියේ සියලුම කලාපවල නව ආසාදිතයන්ගේ අඩුවීමක් වාර්තා කර ඇත.
මෑත සතිවල ගෝලීය පහත වැටීම සිදුවන්නේ කොවිඩ්-19 ආසාදිතයන් අපේ‍්‍රල් මාසයේදී වසංගතයේ උපරිමයකට පැමිණීමෙන් පසුවය. කෙසේ වෙතත් වසංගතය තවමත් රටවල් රැසක අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ වනවිට වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින්නේ ඉන්දියාවේ වන අතර මේ සතියේ තවත් මිලියන 2.3ක් රෝගාතුර වී ඇත. කෙසේ වෙතත් එය පසුගිය සතියට වඩා 13%ක අඩුවීමකි. බ්‍රසීලයේ නව ආසාදිතයන් 437,000ක් වාර්තා වූ අතර එය පෙර සතියට වඩා 3%ක වර්ධනයකි.
ඉන්දියාව අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඊජිප්තුව ඇතුළු බොහෝ රටවල රෝගීන් හා රෝහල්ගත කිරීම්වල කනස්සල්ලට පත්වන තත්ත්වයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.
"කොවිඩ්-19 මේ වනවිටත් ජීවිත මිලියන 3.4කට ආසන්නව අහිමි කර ඇති පසුබිමක, මේ වසංගතයේ දෙවැනි වසර පළමු වසරට වඩා මාරාන්තිකයි" යනුවෙන් ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.