ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය
මෙලෙස වැඩ තහනමට ලක් වූයේ මිරිහාන පොලිසියට අනුයුක්ත කර සිටී පොලිස් පරීක්ෂක t r හෙට්ටිආරච්චි යන අයයි
ඩුබායි රටට පලාගොස් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන ධර්මසිරි නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු ,පිලියන්දල පොලීසිය මගින් මත්කුඩු සමග මීට දින කිහිපයකට ඉහත දී අත්අඩංගුවට ගෙන සිදු කරන ,ලද ප්‍රශ්න කිරීමේදී මෙම නිලධාරියාට වරින් වර රුපියල් 20,000 හා 100000 අතර මුදල් වරින් වර ලබාදුන් බවට අනාවරණය වූ තොරතුරු අනුව මෙම වැඩ තහනම සිදු කළ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසීය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහාන් ප්‍රේමරත්න මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ව සිටී පොලිස් පරීක්ෂකවරයා මොරටුව පොලිසිය වෙත මාරු කරනු ලැබූ අතර මීට දින කිහිපයකට ඉහත දී ඔහු මිරිහාන පොලිසියට අනුයුක්ත කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
දෙහිවල පොලිසිය මගින් පසුගිය දිනවල මත්කුඩු කිලෝ එකක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධකරු වන ධර්මසිරි නමැත්තා හා දුරකථන සංවාදයේ යෙදීම හා රත්මලාන සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියේ දිනවලදී සංවිධානාත්මක අපරාධ කරු හා දුරකථන සංවාදයේ යෙදීම පිළිබඳ විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසීය
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරනු ලැබූවේ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා විසිනි
බිමල් ශ්‍යාමන් ජයසිංහ