ග්‍රීසියේ බදාදා නව කොරෝනා වෛරස රෝගීන් 865ක් වාර්තා කර ඇති අතර, මෙය වසංගතය එරට ආරම්භ වූ දිනයේ සිට වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බව එරට ජාතික මහජන සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව බදාදා දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව පෙර දිනට වඩා 200කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරයි.
ග්‍රීසිය බදාදා තවත් මරණ 6ක් ප්‍රකාශයට පත්කළ අතර අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවද කියයි.
ග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසානි නගරයට පසුව අගුලු දැමූ දෙවැනි නගරය බවට කස්ටෝරියා පත්කරමිනි.
ග්‍රීසියේ ජාතික මහජන සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 27,334ක් සහ මරණ 534ක් වාර්තා වී තිබේ.