නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් බ්‍රහස්පතින්දා නව සීමාවන් ප්‍රකාශයට පත් කරමින්, ග්‍රීසියේ ඇතන්ස් නගරය ඇතුළු අධි අවදානම් සහිත ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීම සහ මුඛ ආවරණ අනිවාර්ය කර තිබේ.
එළිමහන් සාද සහ රැස්වීම් සීමා කිරීමේ උත්සාහයක් ලෙස රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය අධි අවදානම් සහිත ප්‍රදේශවල පනවා ඇති බව කියයි. ඇතන්ස් සහ තෙසලෝනිකි යන නගර රටේ ස්ථර හතරේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස මේ වනවිට හඳුනාගෙන ඇත.
යෞවනයන් අතර රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව මිට්සෝටකිස් පැවසීය. මේ නිසා ඇඳිරි නීතිය සමග පොදු ස්ථානවල මුඛ ආවරණ අනිවාර්ය වේ. මෙම නව සීමාවන් දේශීය වේලාවෙන් සෙනසුරාදා පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වේ.
මිට්සෝටකිස් කියා සිටියේ ග්‍රීසිය බොහෝ යුරෝපීය රටවලට වඩා යම් සාධනීය තත්ත්වයක පවතින බවය. නමුත්, ඉදිරි මාස ගැන අනතුරු ඇඟවීමටද ඔහු කටයුතු කළේය. ග්‍රීසියේ වසංගතය ආරම්භ වූ දින සිට මේ දක්වා රටේ ආසාදිතයන් 28,216ක් සහ මරණ 549ක් වාර්තා වී ඇති බව ග්‍රීසියේ ජාතික මහජන සෞඛ්‍ය සංවිධානය පවසයි.