ගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
CDC පැවසුවේ නව විශ්ලේෂණයන්හිදී හෝ පෙර අධ්‍යයනයන්හිදී පවා එන්නත් ලබාගැනීම නිසා ගර්භිණී මව්වරුන් සඳහා කිසිදු ආකාරයක දැඩි අවදානමක් සොයාගත නොහැකි වූ බවයි.
ඔවුන් පැවසුවේ එන්නත ලබාදීමෙන් පසුව පවා ගබ්සා වීමේ අනුපාතය අපේක්ෂා කළ අනුපාතයට සමාන බවයි. ගර්භිණී කාන්තාවන්ට මේ නිසා ඇමෙරිකාව තුළ හදිසි භාවිත අවසරය ලබාදී ඇති එන්නත් තුනෙන් ඕනෑම එකක් ලබාගත හැකි බවද CDC පවසයි.
CDC ආයතනය මීට පෙර ගර්භිණී කාන්තාවන්ට එන්නත් ලබාදීම නිර්දේශ නොකළ නමුත්, සෞඛ්‍ය අංශ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් සහ අධ්‍යයනයන් තුළ දත්ත විශ්ලේෂණය මගින් මෙම නව තීරණයට පැමිණ තිබේ.