මෝදරදී ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වෙන ග්රෑන්ඩ්පාස් සංඛගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව ග්රෑන්ඩ්පාස් සංඛ ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ නැවතී සිටි බවට තොරතුරු වාර්තා වී තිබේ.
මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගිය අතර තවත් තිදෙනෙක් තුවාල ලැබීය. මිය ගිය පුද්ගලයා සංඛගේම ගෝලයෙක් බවට තොරතුරු වාර්තා වී තිබේ.