ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට බලධාරීන්ට ලබා දුන් කාලය ඇතුළතදී ඔවුන් එම ගැටලු විසඳීමට කටයුතු නොකළ බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරයි.
මේ අනුව ගැටලු විසඳා ගැනීමට තීරණය කර තිබූ දෙදින වැඩ වර්ජනය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
ගුරුවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු ඇතුළු ගැටලු ගණනාවක් පිරිවෙන් ගුරුවරුන්ට ඇතිවී තිබෙන නිසා මෙම මස 26 හා 27 යන දෙදින තුළ පිරිවෙන් ගුරුවරුන්ද සේවයෙන් ඉවත්ව සිටින බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
දෙදින වැඩ වර්ජනයට සමගාමීව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අනිද්දා(26දා) දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බවද ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව එම දින දෙක තුළ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම්වලින්ද ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
VIDEO