Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 11 වන සඳුදා
2025 අගෝස්තු මස 11 වන සඳුදා
අපේක්ෂා භංගත්වයට පත් වුණ ජාතියක දැන් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩයක් කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනේ මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ආසන බල සභාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,
"අපිට මේ මව්බිම බේරගන්න ඕන කියලා හිතෙනවා නම් අපේ දරුවන්ට රටක් ඉතුරු කර මැරෙන්න ඕන කියලා හිතෙනවා නම් ජීවිතයේ සැඳෑ කාලය නිස්කලංකව සුන්දර රටක ජීවත් වෙන්න ඕන කියලා හිතෙනවා නම් ඔබට මව්බිමේ නිදහස් අරගලය වෙනුවෙන් එකතු වෙන්න සිද්ධ වෙනවා.
මේ අපේ මව්බිම යළි යුදබිමට කැඳවන මොහොතක්. එදා අපේ තරුණයෝ උතුරට ගිහිල්ලා සටන් කරද්දී අපිට ඒ රණබිමට යන්න බැරි වුණා. අපිට දැන් රණබිමට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තවත් මාස 6කින් එළඹෙන ජනාධිපතිවරණයයි.
මෙදා අපේ රණබිම ජනාධිපතිවරණ සටන් බිමයි. අපි තුවක්කුව අරන් නෙවෙයි එතෙන්ට යන්නේ. ආයුධ වලින් සන්නද්ධ වෙලා නෙවෙයි අපි එතෙන්ට යන්නේ. අපි දැනුමෙන් සන්නද්ධ වෙලා යන්නේ. මොකක්ද මේ රට වනසන කුමන්ත්‍රණය කියන කාරණය ගැන දැනුමෙන් සන්නද්ධ වෙලායි අපි එතැනට යන්නේ.
මව්බිම වෙනුවෙන් එක්සිත්ව එක්සත්ව, රට වනසන වැඩබැරි මේ ආණ්ඩුව ගෙදර යවන ජාතියේ නිදහස් අරගලය නොහොත් 2019 යේ ජනාධිපතිවරණය කියන ඒ මහා පිංකමට අපිත් එක්ක එකතු වෙන්යැයි" ඔහු වැඩිදුරටත් පැවසිය.
කෂිනි හපුආරච්චි
popular news
Champa Wednesday, 27 March 2019 05:56 PM
ඕගොල්ලන්ට ඕක අන්තිම බස් එක වුනාට ලංකාවට ඕක අන්තිම බස් එක නෙමෙයි. ඒ හින්ද ගෝඨාභය දිනන්නේ නැහැ. අනිත් එක දේශපාලකයෝ ජනාධිපතිවරණය රණබිමක් විදිහට සැලකුවාට මම හිතන්නේ නැහැ ජනතාව එහෙම හිතනවා කියලා. චන්දය රණබිමක් කියන කොට උනන්දුවක්, උද්යෝගයක් වෙනුවට නිකම් තිගැස්මක්, භීතියක් දැනෙනවා නම්, ඒ කියන්නේ එතන මොකක් හරි වැරැද්දක් තියෙනව කියන එක. මම හිතන විදිහට නම්, ජනතාව ඉතාම සාමකාමීව, නිහඬව තමන්ගේ චන්දෙ දෙයි ඒ කාලෙට ඉදිරිපත් වෙන මිනිස්සු කවුද කියල බලල.
Reply : 0 0
batangala Wednesday, 27 March 2019 06:30 PM
ඔයා දැන් කාවද ජනපති කරන්නේ? ගෝටා ද නැත්නම් මයිත්‍රී ද? ඔයානම් අන්තිම බස් එකට නැග්ගේ 2015 දී. අඩු තරමින් මාද්‍ය සාකච්චා තියල මිනිස්සු හිනස්සන එක නතර කරන්නේ කවදාද?
Reply : 0 1
dilal Wednesday, 27 March 2019 09:37 PM
ඝෝටභය මහතා බලයට අවොත් හොඳ දක්ෂ ඇමති මණ්ඩලයක් තොරගනිවී.ඔබ වගේ ඇත්තන් තොරගනිවී කියා හිතන්න බහ.
Reply : 0 1
Karuna Thursday, 28 March 2019 02:47 AM
ඔබේ අදහසට 100% එකඟයි. මේ බස් එක වැරැද්ද ගත්තොත් නම් අපි ලංකාව දිහා හැරිලාවත් බලන්නේ නැ.
Reply : 0 0
ranjith Thursday, 28 March 2019 05:56 AM
මේ කටත් අප්ප්රියි දකිනකොට කියන්නෙත් ගොන් කතම තමි
Reply : 0 2
rocky Thursday, 28 March 2019 07:48 AM
මවුබිම බේරා ගන්න ලෑස්ති වෙන්න ඉස්සෙල්ලේ, මානුස්සයෝ අර ඔස්ට්රේලියන්කාරයා ඔහෙට එරෙහිව දාලා තියන වංචා නඩුවෙන් බේරෙන්න!! ඔහෙට මේ සැරේ නම් ඔය අන්තිම බස් එකට නැග ගන්න හම්බ වෙන්නේ නැහැ. අපට ඔහේ වගේ වංචා චෝදනා තියන සැක කටයුතු වාචාලන්ව ඕනත් නැහැ .. නොයෙක් දරුණු අපරාධ චෝදනා එල්ලවී ඉන්න තක්කදින්ව ඕනත් නැහැ. හුහ්! රට බේර ගන්න! අනේ මගේ කට!
Reply : 1 5
Champa Thursday, 28 March 2019 07:54 PM
ජාතිද්‍රෝහී දේශද්‍රෝහී පරගැති වහල් ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ බව ඇත්ත. හැබැයි ඒ වෙනුවට උත්තරේ ගෝඨාභය නෙමෙයි. ගෝඨාභය ආවත් කරන්නේ මේ ගොල්ලෝ කරන ඒවම තමයි. එකම වෙනස දැන් වගේ මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉඟුරු දීල මිරිස් ගන්න කාටවත් පිස්සුවත් ඇති කියල මම නම් හිතන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd