ගම්පොළ බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ ගෙල වැලලාගෙන රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීව්තක්ෂයට පත්ව ඇත්තේ පුස්සැල්ලාව ප්රදේශයේදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු 23 හැවිරිදි තරුණයෙකි.
සැකකාර තරුණයා සිය ඇඳුම් උපයෝගී කොට ගනිමින් සිරමැදිරිය තුළදීම ගෙල වැලලාගෙන ඇති බවත් පල්ලෙකැලේ බන්ධානාගාරයට ගෙන යෑමට පෙර ඔහු ගම්පොළ බන්ධනාගාරයේ රඳවා තබා සිටි බවත් බන්ධනාගාර ප්රකාශකයෙක් පැවසීය.
ජීව්තක්ෂයට පත් තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ගම්පොළ රෝහල වෙත යොමු කර තිබේ.
මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලීසිය සිදුකරයි.