ගම්පහ රෝහලේ ශල්‍යාගාරය අක්රියවිමෙන් රෝගිහු තවමත් අසිරුතාවක
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක පවතින ජල කාන්දුවක් හේතුවෙන් ශල්‍යකර්ම නැවතී මසකට ආසන්න කාලයක් ගතව ඇතත් ඊට මෙතෙක් විසදුමක් ලැබී නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය නිසි පරිදි නොවීම මත සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් හත්වන මහලෙහි ස්ථාපිත " සී - ශල්‍යාගාරයෙහි" ප්‍රධාන ලාම්පුව ඔස්සේ ගලා එන ජලය , ශල්‍යකර්ම සිදු කෙරෙන ඇද මතට පතිතවීම ශල්‍යකර්ම නවතා දැමීමට හේතු වී ඇති බව කළ සොයා බැලීමේදී අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් මීට පෙරද අප පුවත් පත මගින් පෙන්වා දෙනු ලැබීය.
අක්ෂි සහ අස්ථි සම්බන්ධයෙන් වන ශල්‍යකර්මය මෙම ශල්‍යාගාරයේදී සිදු කෙරෙන අතර මසකට ආසන්න කාලයක් මෙහි ශල්‍යකර්ම කළ නොහැකිවීමෙන් අක්ෂි කාච දැමීමේ පොරොත්තු ලේඛනය 1800 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව දැනගන්නට ලැබුනු අතර හදිසි අක්ෂි සහ අස්ථි ශල්‍යකර්ම සදහා භාජනය කළයුතු රෝගීන් රාගම සහ කොළඹ ජාතික රෝහල වෙත යැවීමට සිදුව ඇති බවද එම අංශ භාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
අක්ෂි ශල්‍යකර්ම සිදුකරගත නොහැකිවීමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින අවුරුදු 65 , 70 වයසේ අක්ෂි රෝගීන් පිරිසක් ඉකුත් සිකුරාදා ( 4 ) රෝහල් අධ්යක්ෂවරයා හමුවීමට පැමිණ ඔවුන්ගේ දුක පවසා සිටි ආකාරයක්ද දැකගතහැකි වූ අතර මින් රෝගීන් දෙදෙනෙකුගේ දෙනෙත් නොපෙනෙන තත්ත්වයට පත්ව සිටිය වුවන්ය.
සී - ශල්‍යාගාරයේ පවතින ජල කාන්දුවට හේතුවන මධ්‍යම වායුසමීකරණ පද්ධතිය නිසියාකාරයෙන් සකස් නොවීම පිළිබඳව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ , මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවත් ඊට අදාල ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බැවින් කඩිනමින් ගැටළුවට විසදුමක් ලැබෙනු ඇති බවත්ය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

