නව කොරෝනා වෛරසයේ පැතිරීම සෘතුමය වශයෙන් බලපෑම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
විශේෂයෙන්ම උණුසුම් කාලගුණයක් පවතින ගිම්හානය ආරක්ෂිත යැයි යන බොරු විශ්වාසයන්ට එරෙහිව අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් වාර්තාකරුවන්ට පැවසුවේ, මේ වෛරසය සම්ප්‍රේෂණයට සෘතුමය තත්ත්වයන් බලපාන්නේ නැති බවයි.
වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත් රැටවල් රැසක් මේ වනවිට විවිධ සෘතුමය තත්ත්වයන් මධ්‍යයේ පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.