බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (22දා) සමගි ජනබලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ඇත.
එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් අත්සන් තබා ඇත.
ඇමැතිවරයකුට එරෙහිව මෙලෙස විශ්වාසභංග යෝජනාවක් භාරදුන් විට දින පහක් ඇතුළත එකී යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුය.
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ජනතාව පීඩාවට පත්වී විශ්වාසභංගය කඩවූ බව කියමින් සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලබයි.