ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැමිණිලි 451 ක් අද (12) වන විට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබිණි.
මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එහි ප්‍රධානී , සහකාර තේරීම් භාර නිලධාරි වී.ඩී.එස්.රොඩ්රිගෝ මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කොට සිටියේ, මෙම පැමිණිලි බොහෝමයක්ම කටවුට් සහ බැනර් ඉවත් කිරීම් , නිත්‍යානුකූල නොවන අන්දමින් කාර්යාල පවත්වාගෙන යාම ඇතුළු බරපතළ තත්ත්වයේ නොවන ඒවා බවය.
තවද ද්වේශ සහගත අන්දමින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් අවස්ථා දෙකකදී පළ කිරීමට අදාළව ප්‍රාදේශීය පුවත් පතක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවද හෙතෙම පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව පරීක්ෂාවට ලක් කොට ඒ සදහා අවශ්‍ය පියවර ගනු ලබන බවත් දිස්ත්‍රික්කයෙහි මැතිවරණ කොට්ඨාස 13 තුළ මැතිවරණ නීති රීතීන්ට අනුකූල නොවන අයුරින් සිදුවන ක්‍රියාවන් සිදුවන බවක් සැලවූ වහාම ඒවා මැඩපැවැත්වීමට පොලීසිය මගින් අවශ්‍ය පියවර ගනු ලබන බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී වී.ඩී.එස්.රොඩ්රිගෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගම්පහ - තිලකරත්න දිසානායක