කොරෝනා රෝග තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි අවශ්‍ය කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අමතර ගිලන් රථ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසක් අනුයුක්ත කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මේ යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 30 ක් , පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 15 ක් සහ සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ගිලන්රථ 20 ක් වශයෙන් ගිලන් රථ 65 ක් ලබාදී ඇති බවත් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් 10 දෙනෙකු අනුයුක්ත කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්රකාශිකාවක් සදහන් කළාය.
මෙලෙස අමතර ගිලන් රථ සංඛ්‍යාවක් ලැබීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසක් අනුයුක්ත කිරීම කටයුතු සදහා විශාල පහසුවක් වන බවද එම ප්‍රකාශිකාව පැවසුවාය.
ගම්පහ තිලකරත්න දිසානායක