ගම්පහ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයෙහි කම්කරුවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බව තහවුරු වීම මත සෞඛ්‍ය කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 90 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
සෞඛ්‍ය අංශයෙහි සේවකයෙකුට සහ සේවිකාවකට රෝගය ආසාදනය වී ඇති බවත් ඔවුන්ට තිහාරිය සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සම්බන්ධතා පවතින බැවින් එම ආශ්‍රිතයින්ගෙන් ආසාදනය වී ඇති බවට සැක කරන බවත් වෛද්‍ය නිලධාරීවරයා කීය.
නගර සභා සෞඛ්‍ය සේවකයින් පදිංචිව සිටින යූ.සී. වත්ත ප්‍රදේශයේ පිරිස සදහාද පී.සී.ආර් පරීක්ෂාවන් සිදු කරන බවද වෛද්‍ය සුභාෂ් සුභසිංහ සදහන් කළ අතර ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 340 දෙනෙකු හමුව ඇති බවත් පැවසීය.
ගම්පහ තිලකරත්න දිසානායක