ගම්පහ දිස්ත්‍රික්කයේ අද (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,488 වශයෙන් සදහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමුවීම 460 වශයෙන් සිදුව ඇති අතර මින් 58 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් අනුව අත්තනගල්ල කොට්ඨාසයෙන් ආසාදිතයින් - 53 ක්, මීගමුව - 48 ක්, බියගම - 41 ක්, දොම්පෙ - 39 ක්, සීදූව - 37 ක්, දිවුලපිටිය සහ කැලණිය - 31 දෙනෙකු වශයෙන්, ගම්පහ - 27 ක්, ජාඇල - 26 ක්, මිනුවන්ගොඩ - 20 ක්, මීරිගම - 19 ක්, වත්තල - 16 ක්, රාගම - 11 ක් සහ කටාන කොට්ඨාසයෙන් වශයෙන් සිදුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 11 දෙනෙකු හමුව ඇති අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,461 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,11,096 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක