හලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
ආරච්චිකට්ටුව වැලිපැලැස්ස අඩිප්පල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.
එම සිසුවා හලාවත නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන බවත් 2022 වසරේ දී උසස් පෙල විභාගයට පෙනි සිටිමට නියමිත බව කියයි.
මෙම සිසුවා ගම්පහ නගරයේ උපකාරක පන්ති වලට පසුගිය කාලයේ සහභාගි වි ඇති බවත් සෞඛ්‍ය අංශ සනාථ කරගෙන තිබේ.
මෙම සිසුව කොරෝනා ආසාධිතයකු බව සනාථ විමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග පවුල් 8 ක පුද්ගලයින් 35 කට ආසන්න ප්‍රමාණයක් ස්වං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.