චීනය විසින් සපයන ලද කොවිඩ්-19 එන්නත්වල පළමු වැනි තොගය ඊයේ (12දා) ගැබෝන් රාජ්‍යයේ අගනුවර වන ලිබ්‍රෙවිල් වෙත පැමිණ ඇති අතර ,දෙරටේ නිලධාරීන් ගුවන්තොටුපලේදී මෙම එන්නත් තොගය පිළිගෙන තිබේ.
ගැබොන් රාජ්‍යය විදේශ රජයකින් සෘජුවම ලබාගත් පළමු වැනි එන්නත පරිත්‍යාගය මෙය බවද සඳහන් වෙයි.
එමෙන්ම බහරේන් රජය විසින් මිලදී ගත් චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරටට භාරදීම ඊයේ (12දා) සිදුව තිබේ.
හදිසි භාවිතය සහ ලියාපදිංචිය සඳහා චීනයේ එන්නත් අනුමත කළ පළමු රටවල් අතර බහරේනයද සිටින බව කියයි.
වසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ් අල් සාලේ සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, බහරේනයට චීන එන්නත් පැමිණීම එරට ජනතාව වෙත එන්නත ලබාදීම සඳහා විශාල සහායක් වනු ඇති බවයි.
මේ අතර, දකුණු අප්‍රිකාවේ ඖෂධ නියාමක ඊයේ (12දා) පැවසුවේ චීන සමාගමක් වන සීනොවැක් වෙතින් කොවිඩ්-19 එන්නත සම්බන්ධ සායනික දත්ත සහිත ලියකියවිලි ලැබී ඇති බවයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ලියකියවිලි හා දත්ත තක්සේරු කිරීම සහ එන්නතෙහි කාර්යක්ෂමතාව තක්සේරු කිරීම මේ වනිවට ආරම්භ කර ඇති බවයි.