ගිනිගත් MV X-Press pearl නෞකාව හේතුවෙන් පිඩාවට පත් වි සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ඩොලර් 100,000ක අධාරයක් අද (11) දින හිමිව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ ගිනිගත් නෞකාව හේතුවෙන්ජිවනෝපාය අහිමිව සිටන පවුල්වලට මෙම අධාරයෙන් කඩිනම් උපකාරයක් ලැබෙනු ඇති බවත් ඉදිරියේදි මෙම සහාය තවත් පුළුල් කරනු ලැබිය.
මෙම අධාර ලබාදි ඇත්තේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතයාතනය(USAID) ක්‍රියාත්මක කිරිමේ හවුල්කරුවන් හරහා බව එම නිවේදනයේ සඳහන් වෙයි.