ගිනිඅවියක් හා තියුණු ආයුධ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- 19 08 2020
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- ..
පයාගල මලේගොඩ ප්රදේශයේ දී සිදුකළ වැටලීමකදී තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සමඟ මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනිඅවියක් හා කඩු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ආයුධ වැඩිදුර විමර්ශන සඳහා පයාගල පොලිසිය වෙත භාර දී ඇත.
සැකකරුවන් වයස අවුරුදු 18, 22 පසුවන්නන් බවත් කිතුලාව හා රජවත්ත ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
