අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකා මධ්‍යස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන්හට හට ලැබුණු තොරතුරකට අනුව අද හම්බන්තොට සොමිසේතගම ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී අදාල නිවසේ හිමියාගේ සන්තකයේ තබාගෙන සිටි ගිනිඅවි දෙකක් හා ජීව පතොරම් 13 ක් නිවෙස් හිමියා සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අදාල් ගිනි අවිදෙක බෝර 12 හා බෝර 16 පතොරම් දැමිය හැකිසේ මෙරට නිෂ්පාදනය කල දෙකක් වන අතර ඊට අමතරව තවත් ගිනිඅවියක කොටසක්ද පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් අදාල සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පාතාල සාමාජිකයන් සමඟ යම් සම්බන්ධතාවයක් පවත්වා ඇත්ද යන්න සෙවිමට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ඔහු හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත බාර දුන් බවත් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කියා සිටි.