කලගෙඩිහේන ප්රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පංති ගණිත ගුරුවරයා ඇතුළු අට දෙනාට ඇප නියම කිරීමට අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරුවන් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
වින්දිත පාර්ශ්වයට කිසිම ආකාරයක බලපැමක් නොකරන ලෙසත් සැකකරුවන්ට නියම කළේය.