අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් "කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ" ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 26වැනි දා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.
බස් රථ 221කින් අවතැන් වූ ඡන්දදායකයින් පුත්තලම ප්‍රදේශයේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංගම බස් රථ යොදාගෙන ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ "කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ" අධ්යක්ෂ සම්සුඩීන් මොහොමඩ් චෝදනා ලබා සිටිති.