නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය පිළිබඳව නිල නිවේදනය දෙමළ ජාතික සන්ධානය විසින් අද (07දා) ප්‍රකාශයට පත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ වාර්තාව සෘණාත්මක එකක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සිය ස්ථාවරත්වය ප්‍රකාශයට පත්කරමින් පවසයි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල නායකයන් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව ටෙලෝ හා ප්ලොට් පක්ෂවල සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ.