Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ ලේඛනයේ සඳහන් නොවීම ඇමෙරිකාවේ වරදක් බවත් ඔහු ඡන්දයට ඉදිරිපත්වීම වැළැක්වමට කිසිවෙකුට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා මැයි 3 දා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවත් ඔහු අප්‍රේල් 17 දා සිට ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවයි.
“2019 ජූනි 30 දිනෙන් අවසන් වුණු කාර්තුවේ ඇමෙරිකානු පුරවැසිකම අත්හළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව විසින් වෙබ් අඩවියකට මුදා හැරියා.
පුරවැසිකම අත් හැරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඒ ඒ රට වල ඇමෙරිකානු තානාපති කාර්යාලවලයි. ලොව පුරා පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවලින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු යැවූ අයගේ නාමලේඛණය තමයි ප්‍රසිද්ධ කරලා කියලා සඳහන් තියෙන්නේ.
යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසනාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ.
විශේෂයෙන්ම පුරවැසි කම අත්හල අයගේ නම් ලැයිස්තුව මහජනතාවට දැන ගැනිම සඳහා ප්‍රසිද්ධ කරණ ලේඛණය කිසි සේත්ම අවසානාත්මක සාක්ෂියක් ලෙස සලකන්නේ නෑ. 2019 මැයි 3 දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි කම ඉවත් කරගත් බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා.
2019 අප්‍රියෙල් මස 17 වනදා සිට එතුමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව සහතික කර තිබෙනවා. ඒ නිකුත් කළ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සතුයි. ඒ නිසා ඒ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොමැතිවීම කාට ප්‍රශ්නයක් වුවත් අපට නම් ප්‍රශ්නයක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ද්විත්ව පුරවැසියෙකු බව කවුරු හරි හිතනවා නම් ඒ නිසා එතුමන්ට ජනපති වරනයට තරග කරන්නට බෑ කියලා බෙරිහන් දෙන අයට කරන්න තිබෙන්නේ එතුමා ජනාධිපති වුණාට පස්සේ ඡන්ද පෙත්සමක් දාලා ඔහු ද්විත්ව පුරවැසියෙකු බව ඔප්පු කිරීමයි.
අඩුම තරමින් නාමයෝජනා බාරදෙන අවස්ථාවේ දී වත් ද්විත්ව පුරවැසියෙක් කියන පදනම මත විරෝධය පළකරන්නට හැකියාවක් නෑ ලංකාවේ ජනාධිපති නීතිය අනුව. ඒ හැර වෙනත් විකල්පයක් නෑනෙ. ඡන්දය ඉල්ලීම නතර කරන්න බෑනෙ. ඒ නිසා බොරුවට කෑ ගැසීමෙන් පලක් නෑ.”
popular news
dayan Friday, 16 August 2019 07:17 PM
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහතික අපිටත් බලාගන්න ප්‍රසිද්ධ කරන්නකෝ. හංගගෙන ඉන්නේ මොකද?
Reply : 0 2
Egodaha yanno Friday, 16 August 2019 09:04 PM
USA nila warthawata abhiyoga karana EPA. Apia ravatannath epa.
Reply : 5 22
Kumar Friday, 16 August 2019 09:10 PM
ඇමෙරිකාවේ ඔයවගේ දේවල් වරදන්නෙ නැහැ. බොහෝදෙනා පුරවැසි කම අතහරින්නෙ පිටරට තිබෙන තමන්ගෙ වත්කමට අදායම් බදු නොගෙවා සිටීමටයි. ලංකාවේ ඉන්න දේශ පාලුවෝ ඇමෙරිකාව ගැන හොදට දන්නවනෙ. සැමදේම ක්‍රමානුකුලව කරන නිසා තමා මෙරට දයුණු රටක් වෙලා තිබෙන්නෙ
Reply : 3 15
Nandana Friday, 16 August 2019 09:46 PM
මෙයාට පිස්සු හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ ඔටුවෝ කියල ඒක දැනගන්න ලංකාවේ තියන තානාපති කාර්යාලයට පුළුවන් , මැකෝ එක බලාගනි.
Reply : 7 39
Wimal Saturday, 17 August 2019 07:24 AM
බටහිර kumanthranayak
Reply : 0 0
Champa Saturday, 17 August 2019 10:27 AM
වැඩේ කිසි වැදගැම්මකට නැති එකක් නම් මෙච්චර කියවන්න වැඩක් නැහැනේ. ජනාධිපති වුනාට පස්සේ පෙත්සමක් දාල ද්විත්ව පුරවැසියෙක් බව තහවුරු කරන්නලු! ජනාධිපති වුනොත් එහෙම ඊට පස්සේ පන ඇති මිනිහෙක් ඔය වැඩේ කරන්න යනවද? අනික ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ අග්‍ර විනිශ්චයකාරය හැටියට පත් කලේ ගැත්තෙක් නිසා. කතාවෙන් තේරෙන්නේ මොකක් හරි හංගනවා කියන එක. ඒ කියන්නේ පැරදුනොත් කියල බයට වෙන්න ඇති නේද?
Reply : 7 50
wijebahu Saturday, 17 August 2019 10:58 AM
මෙයා බොරු කියන්නෙක් සහ බොරු කරන්න අනුබල දෙනකෙනෙක්.හැමතිස්සෙම බලන්නේ නීතියේ අතුරු සිදුරු සොයන්න මිසක් නිතිගරුක වෙන්න නෙවෙයි.
Reply : 6 15
Don Sunday, 18 August 2019 08:48 AM
ඇමෙරිකාව වැරදියි, මෙයාල හැමතිස්සෙම හරි. එහෙනම් මිලියන 4400 SLPP බැංකුවෙන් ගෙවල දැම්ම නම් හරි.
Reply : 7 12
samson Sunday, 18 August 2019 01:45 PM
මෙයාට නීති උපාධියක් තියෙනවලු.
Reply : 0 2
ධර්මසේන Sunday, 18 August 2019 07:29 PM
2018 ඔක්තෝබර් සිද්ධියේදී මේ නීතිඥතුමා කියවපු කියවිල්ල කාටත් මතක ඇතිනේ.පොඩ්ඩක් සිහිකරල බලන්න ඔහු කියපුදේ හරිගියාද කියල.මේකත් එවගේම තමා.
Reply : 0 22
senalika Wednesday, 21 August 2019 03:08 PM
ඒ නිකුත් කළ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සතුයි Please show it
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd