Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
රටේ මැතිවරණ උණුසුම වගේම රට සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් පියවරක් පසුගිය එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරිමෙන් පස්සේ රටේ ප්රබෝධයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අද (15) කොළඹ පැවති පොදුජන පෙරමුණ රැස්විමකදි ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
"ජනාධිපතිවරණයට දින නියම වෙනකන් රටේ ජනතාව බලාගෙන ඉන්නවා කියන කාරණාව අනුරාධපුරයේ පැවති ආගමිකවතාවත් වලින් සහ අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් ගත් අවස්ථාවේ ඒ නගරවල් වල පිළිගැනීම් උත්සව වලදී මනාවට පැහැදිලි වෙනවා. අපිට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්, අපිව ආරක්ෂා කරන්න පුළුවන් අපේම ජනාධිපතිවරයෙක් බිහිවෙනවා බිහිවෙනවා කියලා ජනතාව සතුටෙන් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම අද පක්ෂ විපක්ෂ සෑම දෙනාගේම සතුටට කාරණයක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් පවා මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් තිබෙනවා. රට වෙනුවෙන් හරි තීන්දුවක් ගත්තා කියන දේ ඔවුන් පවසනවා. ඒ වගේම සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂය පිළිබඳව දැඩි විවේචනයන් ඉදිරිපත් කරනවා. ඒ එක්කම තවත් සමහර අය මත ඉදිරිපත් කරනවා. සරත් ෆොන්සේකා සහ ඒකාබද්ධ විපක්ෂය අතර මේ වෙනකොට එකඟතාවයන් ඇතිවෙලා තියෙනවා කියලා අපි පැහැදිලිව කියන්න ඕන. සරත් ෆොන්සේකා අපගේ දේශපාලන කඳවුරට සහාය දැක්වීමට හෝ එකතු වීමට කිසිම එකඟතාවයක් පළ කරල නෑ.
නමුත් එක ප්‍රශ්නයකදී, මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙන රටේ ජාතික ආරක්ෂාව කියන තැනදී සරත් ෆොන්සේකා මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක මතයක ඉන්නවා. රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛස්ථානයේ තබා සැලකිය යුතුයි කියන කාරණාව. ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය බැහැ දකින්න ගිය සෑම අවස්ථාවකදීම උන් වහන්සේලා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතා පැහැදිලි ඉල්ලීමක් කෙරුවා. රට ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. ඊට අමතරව එතුමා ගිය මුස්ලිම් පල්ලියේ පූජකතුමා, ඒ වගේම හින්දු පල්ලියේ පූජකතුමා ගේ එකම ඉල්ලීම වුණෝත් ජාතික ආරක්ෂාව තහවුරු කරලා බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රටේ නිර්මාණය කරන්න කියන එකයි.
මේ රටේ බරපතළ ආර්ථික ගැටලුවක් තියෙනවා. මේ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට දෙකක් බවට වෙනවා කියලා පුරෝකථනය කරලා තියෙනවා. 2015 දී සියයට හතක් තිබ්බ මේ රටේ ආර්ථික වර්ධන වේගය අද වෙන කොට 2% දක්වා පහත වැටුණේ වර්තමාන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ආර්ථික වර්ධන වේගය අඩු වීමට මූලිකම හේතුව වුණේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළිමයි. ආර්ථික ප්‍රතිපත්තියක් හෝ වේවා ඕනෑම ප්‍රතිපත්තියක් හෝ වේවා ඒ ක්‍රියාත්මක කිරීමට ජාතික ආරක්ෂාව තහවුරු වී තිබීම අනිවාර්යයි.
එකොළොස් වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කිරීමෙන් පසුව පැවැත්වූ කතාවේ සියලූම අන්තර්ගතයන් ඒ ආකාරයෙන් වචන වෙනස් කරලා අදහස් දැක්වීමක් වේදිකාවේ කරන්න සජිත් පේ‍්‍රමදාස මහතා පෙළඹුණා. එතුමාට තියෙන්නේ යාචක මානසිකත්වයක් විතරක් නෙවෙයි එතුමාට කිසිම ඉදිරි දැක්මක් නැති බවත් මෙයින් පේන්න තියෙනවා.
ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න. අයවැය ඉදිරිපත් කරන්නේ නැතුව. ඒකෙ කාරණා හැටියට දක්වලා තියෙන අලූත් ආණ්ඩුවක් නිර්මාණය වුණහම ඒ ආණ්ඩුවේ නායකත්වයට අවශ්‍ය ආකාරයට අවකාශය ලබා දීම කියලා. පැහැදිලිවම අපි ඔබට කියනවා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කළේ ඊළඟට ඉදිරිපත් කරන්න යන අයවැය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකින් අයවැය සම්මත කරන්න බැහැ. අපි අභියෝග කරන්නේ මේ ආණ්ඩුවට, ඔවුන්ට පාර්ලිමේන්තු බහුතරයක් තියනවනම් විශ්වාසයක් තියෙනවා නම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ නැතුව අයවැය ලේඛන ඉදිරිපත් කරන්න. ඒකට හේතුව 2014 අවුරුද්දේ 2015 වර්ෂය සඳහා මැතිවරණයක් තියනවා කියලා ප්‍රකාශයට පත් කරලා තියෙද්දිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අයවැය ලේඛනය ඉදිරිපත් කරා. එදා ඒ අයවැය ලේඛන ඉදිරිපත් කරලා සම්මත කරලා තමයි අපි මැතිවරණයට ගියේ.
රජය මාධ්‍ය වලට දැඩි තර්ජනයක් මර්දනයක් එල්ල කර ගෙන යනවා. බදුල්ල වේදිකාවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් ඉතා පැහැදිලිවම සෘජුව තර්ජනය කරනවා මාධ්‍ය ආයතන වලට. මාධ්‍යයේ වගකීම රජය කරන හොඳ වැඩ වගේම නරක වැඩත් ප්‍රචාරය කරන එක. දේශපාලනඥයෙක් හැටියට අපි දැනගන්න ඕන නිවැරදි දේ පමණක් කරන්න. අපි වැරදි දේ කළොත් මාධ්‍ය අනිවාර්යෙන්ම ඒ ප්‍රවෘත්තිය පළ කිරීමට මැලි වෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුව වැරදි කර කර මාධ්‍යයෙන් හොඳ ප්‍රචාරය විමක් බලාපොරොත්තු වෙනවා නම්, ඔවුන්ගේ වැරදි මාධ්‍ය මගින් ප්‍රචාරය නොකර ඉන්න කියනවා නම් ඒ දේ කිසිසේත්ම ඉටු වෙන්නේ නෑ. මේක ස්වාධීන මාධ්‍යයට ආණ්ඩුව විසින් කරපු බරපතළ තර්ජනයක්. අපේ රටේ මාධ්‍ය කිසිම දේශපාලනඥයෙකුට කඬේ යන්නෙ නෑ කියන විශ්වාසය අපිට තියෙනවා වගේම විවේචන දරාගැනීමේ හැකියාව ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයටත් තිබිය යුතුයි. එම නිසා අපි හෙළාදකිනවා එදා එජාප වේදිකාවේ ඒ ඇමැතිවරයා කරපු ප්‍රකාශය. ඒකෙන් අපිට තේරෙන්නේ සජිත් පේ‍්‍රමදාසගේ පියා විසින් 88, 89 කාලවල කරපු මාධ්‍ය මර්දනයම නැවත කිරීම සඳහා පන්නරයක් ලබා ගෙන තියෙන බව" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ase Thursday, 15 August 2019 04:50 PM
දේශපාලන අන්දරේලාගේ දෙවැනි පරම්පරාවේ මහා ඇමිති මේ !!
Reply : 0 16
AP kuma Thursday, 15 August 2019 05:29 PM
විකල්පයක් නැති තවත් එක මිනිහෙක් ගේ විග්‍රහයක්
Reply : 0 0
Lion Thursday, 15 August 2019 05:39 PM
ඔයාට වෙන්න ඇති ප්රෝබොදේ අපිට නම් එහෙම නැහැ
Reply : 0 0
Dayan Thursday, 15 August 2019 05:56 PM
ඔයගොල්ලන්ට නම් ප්‍රබෝදයක් ඇති, ඉදිරියේදී කල්ල මරේ කියල. අපිට නම් ඔය කවුරුවත් ගැන ප්‍රබෝදයක් නැහැ. අපිටම කෙලින්න තමය් ඔය කොඉ කවුරුත් එන්නේ.
Reply : 0 0
Don Thursday, 15 August 2019 06:56 PM
SLPP සහ SLFP ඥාති සම්බන්දතාවක් තිබුනට SLPP එකට ඥාති වලිගය තියෙනවා. හොරකම් කරපු, මිනී මරවපු අය ඉන්නේ SLPP එකේ. පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් ඇනපු, අඟේ ඉඳගෙන ඔලුව කාපු අයත් ඉන්නේ SLFP එකේ.
Reply : 0 0
Kumar Thursday, 15 August 2019 08:47 PM
ඇමරිකාවේ පුරවැසිකම් අත්හල අයගේ නම් ප්‍රසිද්ද කරන රජයේ ගැසට් පතේ මේ කාර්තුවේත් සඳහන්වී නැතිලු. අයිය මල්ලිට කියන්න ඇති කිසිවක් නොකිය ගොනා වගේ හිටපන් කියල.
Reply : 0 0
Priyantha Friday, 16 August 2019 07:42 AM
රටේම කෙසේ වෙතත් කම්බා හොරුන්ගෙ මිනීමරුවන්ගෙ ස්ත්‍රී දූශකයන්ගෙ පගා මරුවන්ගෙනම් පිබිදීමක් අපි දැක්කා.
Reply : 0 0
Champa Saturday, 17 August 2019 11:09 AM
කෙහෙල්මල් පිබිදීමක් ඇති වුනේ නැහැ. ලංකාවම බය වෙලා ගැස්සිලා ගියා මිසක්. රටම දන්නවා ගෝඨාභය කියන්නේ මහින්ද වගේ මෘදු හදවතක් තියෙන කෙනෙක් නෙමෙයි කියල. පිළිගැනීමේ උත්සව ඔක්කොම කලින් සංවිධානය කරපුව. අපි දන්නේ නැති දේශපාලනේනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd