Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මිස තමන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත් ඒ අනුව ඔහු නම්‍යශීලී නොවන ඒකාධිපති පාලකයෙකු වනු ඇතැයි කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව ආණ්ඩුව අභ්‍යන්තරයේම ආණ්ඩුව පිළිබඳ අරගලයක් හට ගෙන ඇතැයි ඒ මහතා සඳහන් කර සිටියේය.
එළැඹෙන 11 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික මහා සම්මේලනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
Lion Thursday, 08 August 2019 01:49 PM
පවුල ගැන අපට ඇති අද්දැකීම් එමටයි. අපි ඔබ සැම හොඳට දැක්කෙමි .
Reply : 0 54
Champa Thursday, 08 August 2019 04:23 PM
ගෝඨාභය කියන්නේ කවුද කියල 2010 - 2015 ලංකාවම දැක්ක. අපි ආයේ කොහොමටවත් ඒ යුගයට යන්නේ නැහැ. ගෝඨාභය, රනිල් එක්කයි මෛත්‍රී එක්කයි සජිත් එක්කයි deal දාල තියෙන්නේ බලය අල්ල ගන්න කම් විතරයි. ඊට පස්සේ ඔය deal මුකුත් නැහැ. ලංකාව ලේ විලක් නොවුනොත් තමයි පුදුම. ගෝඨාභයට 20%කට වඩා චන්ද හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දවහල් පාලකයන් එක්ක deal එකක් අවශ්‍ය වෙලා තියෙනව අවසාන චන්ද ප්‍රතිඵල වෙනස් කරලා බලය අල්ල ගන්න.. අනිත් කාරණේ තමයි සිහි බුද්ධිය තියෙන හමුදාවේ කිසි කෙනෙක් ගෝඨාභයට චන්දෙ දෙන්නේ නැහැ වගේම සිහි බුද්ධිය තියෙන ශ්‍රී ලාංකික චන්ද දායකයෝ හමුදා පාලනයකට කැමති වෙන්නේ නැහැ. 2010 - 2015 අතර කාලේ ගෝඨාභය ඔප්පු කළා සිවිල් සමාජයේ ප්‍රශ්න විසඳීම ගැන ඔහුටකිසි අවබෝධයක්, හදවතක් හෝ උවමනාවක් නැහැ කියල. 2012 අවුරුද්දේ අඩු වයස් ලමුන් දූෂණය කිරීම, ළමුන් අපයෝජනය කිරීම, කාන්තාවන් හා දරුවන් කෘර වධ හිංසා වලට ලක්වීමේ ක්‍රියා 8749ක් සිද්ධ වෙලා තියෙනවා. ගාන මීට වඩා වැඩි වෙන්න පුළුවන් ඒ මොකොද කිව්වා නම් පොලිස් website එක 2012 අවුරුද්දේ අපරාධ දත්ත හංගල නිසා. මේක එලිවුනේ පාර්ලිමේන්තු ප්‍රශ්නයකින්. Contd'
Reply : 0 64
Champa Friday, 09 August 2019 02:16 PM
ගෝඨාභය ජනාධිපති වුනොත් කාන්තාවන් සහ ළමුන් දැනටත් වඩා අනාරක්ෂිත වෙනවා. මම නෙමෙයි කියන්නේ. පොලිස් අපරාධ දත්ත. අනිත් කාරණාව තමයි මර්දනය බය ගැන්වීම සහ තර්ජනය තමන්ගේ පාලනයේ කොටසක් කියන එකත් කලින්ම ඔප්පු කරලා තියෙනවා. ගෝඨාභය දේශපාලනයට අලුත් කෙනෙක් නෙමෙයි. තව මම දැක්ක ගෝඨාභයට ආරක්ෂාව දෙන්න ජනාධිපති වෙන්න කලින් කාලයේ පෞද්ගලික ආරක්ෂක අංශයක් හදනව කියල. විශ්‍රාම ගිය හමුදා නිලධාරියොත් කැමති වුනාලු. මොන විකාරයක්ද? මරණයට ඔච්චරම බය නං ඉන්නකෝ ගෙදර. මහින්දගේ එඩිතර කමෙන් දශමයක්වත් නැති බයගුල්ලෙක්. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මරණීය තුවාල වෙච්ච සරත් ෆොන්සේකා ඉස්පිරිතාලෙට ගෙනිච්චහම, කාරෙකේ දොර තමන්ම ඇරගෙන බඩෙන් එල්ලුන බඩවැල් අත් දෙකෙන් අරගෙන කාරෙකෙන් බැහැල තනියම ඇවිදන් ආව කියල එතන හිටපු මිනිස්සු කියනවා. එඩිතර මිනිහට මාරයත් බයයි. මොන ආරක්ෂාවක් තිබ්බත් වෙලාව ආවහම හැමෝටම යන්න වෙනවා. ලංකාවට තියෙන ලොකුම හෙනේ තමයි රටේ පාලකයන් සහ වෙන්න හිතන පාලකයන් ජනතාවගේ ආරක්ෂාව සහ සුඛවිහරනය්ට ඉස්සෙල්ල, තමන්ගේ ආරක්ෂාව සහ තමන්ගේ සුඛවිහරණය ගැන සිතීම. අනිත් විහිළුව තමයි කොළොඹ කුණු අරන් දාන්න ජනාධිපති කෙනෙක් පත් කරන එක. contd '
Reply : 0 0
Champa Friday, 09 August 2019 02:46 PM
කොළොඹ කුණු අරන් දාන්න ඕනේ පුද්ගලයෙක් නෙමෙයි ක්‍රමයක්. ගෝඨාභය කලේ හමුදාව දම්මල කොළොඹ පිරිසිදු කරපු එක. මිනිස්සු පාරේ කුණු නොදැම්මේ බයට. ගියාට පස්සේ කොළඹ පාරවල් පුරා කුණු එකතු වුනේ ක්‍රමයක් හඳුන්වා දීල තිබුනේ නැති නිසා. රටේ කිසි දෙයක පිළිවෙලක් නැහැ. සකසුරුවම් කමක් නැහැ. කාලෙක ඉඳන් කියන විදිහට ලංකාවට ඕනේ බෞද්ධ චින්තනය මත පදනම් වුනු පාලන ක්‍රමයක්. අවුරුදු 71ක පාලන ක්රමයේ බෞද්ධ කමක් ගෑවිලාවත් නැහැ. එහෙම ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන් දේශපාලකයෙක් හෝ ඔවුන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙක් දැනට කරලියේ ඉන්න පිරිස අතරේ නැහැ. අලුත් නායකයෙක් අවශ්‍ය රටට ගැලපෙන පාලන ක්‍රමයක් හඳුන්වා දෙන්න. එතැන් පටන් ඊළඟ පාලකයන් ඒ ක්‍රමය දිගටම අනුගමනය කරන්න පුළුවන් විදිහේ ක්‍රමයක්. සිංහල බෞද්ධ ලංකාවේ ඉහලම නායකයා බුදු දහමේ ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාව අනුව ජීවත් වෙන මිනිහෙක් වෙන්න ඕනේ. එතකොට ඊට පහල දේශපාලකයොත් ඒ විදිහට ජීවත් වෙන්න පටන් ගන්නව. රටේ ජනතාවත් ඒකම අනුගමනය කරනවා. බලයෙන් මත්වෙන, අවස්ථාවාදී, ආත්මාර්ථකාමී ගෝඨාභය බැසිල් පාලන ක්‍රමයක් මොන විදිහටවත් රටට ගැලපෙන්නේ නැහැ. ඒ හින්ද ඔවුන්ව පරාජය කරන්න රටම ඒකාරාශී වෙන්න ඕනේ.
Reply : 0 0
Kumar Thursday, 08 August 2019 09:32 PM
ඔය කතාව සුදු වන වලින් ගමන් ගිහිල්ල අතුරු දහන වුන අයගේ නෑදෑයෝ විශ්වාස කරනවා කියල හිතනවද. තමන් රාජ්‍ය සේවයේ සිටින කාලෙ තමන්ගේ සහෝදරයාගේ දේශපාලන රැස්වීම් වල කතා පැවැත්තුවේ නීතියට ගරු කල නිසාද. තමන්ගේ බලය පාවිචි කරලා මහජන මුදල්වලි තම පියාට ස්මාරක සැදුවේ නීති ගරුක නිසා වෙන්න ඇති.
Reply : 0 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd