ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණය ජයග්‍රහණය කළහොත් මේ රටේ පවත්වන අන්තිම ප්‍රජාතන්තවාදි නිදහස් මැතිවරණය මෙය වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.
මයන්ත දිසානායක මහතා මෙසේ පැවැසුයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවිම සඳහා පේරාදෙණිය ප්‍රදේශයේදි අද (10) පැවැත්වු ජන හමුවේදි අදහස් දක්වමිනි.
මේ රටේ ප්‍රජාතන්තවාදි ජනතා අයිතිය නිදහස මර්දනය කර මේ රටේ හිට්ලර් පාලනයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇති කරන බවද මයන්ත දිසානායක මහතා පවසයි.
එහිදි අදහස් දැක්වු මයන්ත දිසානායක මහතා ,
“බැරිවෙලාවත් මේ මැතිවරණය පොහොට්ටුව දිනුවහොත් මුලින්ම ගහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එස් ඩබ්ලිව් බණ්ඩාරනායක සිරිමාවෝ බණ්ඩාරනායක ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරනවා.
ජනතාව අපෙන් අහන ප්‍රශ්නයක් තමා ඊළඟ අගමැති කවුද කියලා. සජිත් ප්‍රේමදාස මහතා ඉතා පැහැදිලි පිළිතුරක් දුන්න එතුමා පැහැදිලිව කිව්වා ජ්‍යෙෂ්ඨ හා නව තරුණ තරුණියන් එකතු කරගෙන පිරිසිදු ආණ්ඩුවක් හදනවා කියලා. සජිත් ප්‍රේමදාස මහතා අදහස් කරන්නෙ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස් කරලා පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙන මන්ත්‍රීවරයෙක්ට ඇමති කෙනෙක්ට ඒ ඡන්දෙන් අගමැතිවරයෙක් පත් කර ගන්නා බවද” මයන්ත දිසානායක මහතා මෙහිදි වැඩිදුරටත් පැවැසිය.