Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය නීත්‍යනුකූලව ඉවත් කරගෙන ඇතැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා සිටියේය.
වර්ෂ 2022දී අවලංගු වීමට නියමිතව තිබූ ඒ මහතාගේ ඇමෙරිකානු එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පැහැදිලිව සටහන් කර ඇත්තේ හෙතෙම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන නිසා බවත්, ඔහුගේ ගමන අඩාළ කිරීමට මුල සිටම කකුල් මාට්ටු දැමූ පිරිස් පරාජයේ වියරුවෙන් අමූලික බොරු ගොතමින්, නැවත නැවත මඩ අවලාද නගමින් සිටින බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය හා ඒ මහතා ලබන 17 වැනිදා ඇමෙරිකාව බලා යෑමට ගුවන් ටිකට් පතක් ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා ඊයේ (10දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරිණි.
&ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රජාතන්ත්රවාදී ලෙස පරාජය පත් කිරීමට නොහැකි වූ සෑම අවස්ථාවකදීම කකුල් මාට්ටු දාල, විවිධ උපක්‍රම යොදල ඒ මහතාගේ ජයග්‍රාහී ගමන අඩාළ කිරීමට සිදුකරන සියල්ල පරාජය වුණාට පස්සෙත්, මේ අන්තිම අවස්ථාවේදී එතුමා සම්බන්ධයෙන් ජනතා කැමැත්ත ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවේදී, පරාජයේ වියරුව අබියස අමූලික බොරු ගොතමින්, නැවත නැවත එකම මඩ ප්‍රහාරය එල්ල කරමින් සිටිනවා.
මේ පිළිබඳ ජනතාවට සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට මේ මාධ්‍ය හමුව පවත්වන අතර, මෙහිදී කරුණු දෙකක් ගෙනහැර දැක්වීමට කැමතියි. ඒ වගේම සඳහන් කළ යුතුයි, මේ ආසන්න දින කිහිපයේ ඔවුන්ගේ මඩ ව්‍යාපාරයේ ආරම්භය විතරයි. ඉදිරියේදී තවත් අසත්‍ය මඩ ප්‍රචාර ඉදිරිපත් කිරීමේ විශාල හැකියාව තියෙනවා.
පළමු කරුණ තමයි, ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා විදෙස් ගතවීමට ගුවන් ටිකට් පතක් අරගෙන කියල ඇතැම් මාධ්‍යවල පවා පළවෙලා තිබුණා. ඒ මහතා පසුගිය අවුරුදු පහළොව තුළ එක් ආයතනයකින් හැරුණු විට කොහෙන්වත් ගුවන් ටිකට්පත් අරගෙන නැහැ. ඒ අනුව, මෙය ඒ ආයතනයෙන් නිකුත් කළ ටිකට්පතක පිටපතකුත් නොවෙයි. අනෙක් කරුණ මෙවැනි ආසන වෙන්කිරීමක් ඇත්තේම නැහැ. ඔබට පරීක්ෂා කර බලන්න පුළුවන්. මෙහි ගුවන්තොටුපොළෙහි නම %බණ්ඩාරනායක^ කියන එක ලියල තියෙන්නෙත් වරද්දල. අනෙක් කරුණ, එතුමාට දැමූ නඩුවක් දැන් විභාග වෙන නිසා ගෝඨාභය මහතාට විදෙස්ගත වීමට අවස්ථාවක් නැහැ. එතුමාගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ තියෙන්නෙ. ඡන්දය තියෙන්නෙ 16දා, යනව කියන්නෙ 17දා. මේ වගේ අතේ පත්තු වෙන බොරු කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ජනමතය මේ විදියට මංකොල්ලකන්න උත්සාහ කරන්න එපා. ජනතාවට අවශ්‍ය අපේක්ෂකයා තෝරාගන්න ජනතාවට අවස්ථාවක් දෙන්න.
මේ මඩ ප්‍රහාරයේ දෙවැනි කොටස හැටියට, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාය අහෝසි කරගෙන නැහැ කියල හරින් ප්‍රනාන්දු මහත්මයා පෝස්ට් එකක් දාල තිබුණා. දැන් අවුරුදු 4ක් පුරාම මේක කියනවා. අවසානයේදී නඩු පිට නඩු දාල ගෝඨාභය මහතාගේ නාමයෝජනාව නැවැත්වීමට උත්සාහ කළත්, ඒ කිසි දෙයක් සාර්ථක නොවූ තැන මේ අවසාන තුරුම්පුව ගහන්න උත්සාහ කරන්නෙ. හැබැයි මේ මඩ ගහන අයගේම ආශිර්වාදය ඇතුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැහැ කියල, එතුමා නාමයෝජනා ලබාදෙන එක වළක්වන්න ඒ මහතාට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලුවා. මෙතැනදි ඔවුන් විසින්ම, ඒ මහතාගේ පුරවැසිභාවය අහෝසි කිරීම පිළිබඳ ලිපිලේඛන අඩංගුව P-19 කියල මෝසමක් ඉදිරිපත් කළා. එහිදී, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තමයි නැත්තෙ, ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වෙලා කියන එක ඔවුන් විසින්ම පිළිගෙන තමයි, මේ මෝසම ඉදිරිපත් කරල තියෙන්නෙ. එතකොට පුරවැසිභාවය අහෝසි වීමේ කිසිය ගැටලුවක් නැහැ කියන කාරණය ඉතාමත්ම පැහැදිලියි. ඒ වගේම, මේ සියලු ලිපිලේඛනවල මුල් පිටපත් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී කිසිදු විරෝධයක් මතු වූයේ නැහැ. ඒ අනුව, ගෝඨාභය මහතා මැතිවරණයට තරග කරන අතර, සිය ජයග්රහණයෙන් පසුව ජනාධිපතිධුරයේ දිවුරුම්දීමට ඒ මහතාට කිසිදු නීතිමය බාධාවක් නැහැ* යැයි පවසා සිටියේය.
තම පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2019.04.17 වැනිදා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් දිවුරුම් පෙත්සමේ මුල් පිටපත, පසුව ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය එදින සිට අහෝසි වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිගත් ලේඛනයේ 2019.05.03දා දින දරණ මුල් පිටපත සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවලංගු කෙරුණු CANCEL ලෙස පැහැදිලිව සටහන් ඇති එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රයේ මුල් පිටපත අලි සබ්රි මහතා විසින් මෙහිදී මාධ්‍යයට දැකගැනීමට සැලැස්වීය. මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥවරුන් පිරිසක් ඇතුළු එක්සත් ජනපද අධිකරණයක කටයුතු කරන මහාචාර්යවරයෙකු හා නීතිඥවරයෙක්ද සහභාගි වී සිටියහ.
popular news
Lion Monday, 11 November 2019 11:31 AM
ඔයා කෞද ඔයවගේ සහතික දෙන්න . ඇමරිකන් රජය නිකුත්කරන පුරවැසිබව අත්හැරිය ලේකනයේ ඔහුගේ නම නැහැ .අපිකාවද විස්වාස kaluththe .
Reply : 0 0
Champa Monday, 11 November 2019 05:53 PM
මම ස්වාධීන ලියන්නෙක්. එහින්ද මගේ අදහස් මෙතන ලියනවා. මිනිස්සු කියනව ගෝඨාභයට චන්දෙ දෙන්නේ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද කියල. මට ඒ ගැන කියන්න දෙයක් නැහැ. නමුත් මෙතන සැකයක් තියෙනව. ජනතාව පැත්තේ ඉන්න මිනිහෙක් විදිහට මම ඒ ගැන ලියනවා. මම මේ අලි සබ්රි කියන documents හෙව්වා හැම තැනම. ඒ වුනාට හොයා ගන්න බැරි වුන. අලි සබ්රි ඊයේ මම දැක්ක එතනට ආපු දිවයිනේ මාධ්‍යවේදියා හෝ කර්තෘටත් කියනවා මේ ලියකිලිවලි දාන්න කියල දිවයිනේ. ඒ වුනාට දාල නැහැ. පොඩ්ඩක්ඉන්න පොඩ්ඩක් ඉන්න. මේ පාස්පෝර්ට් එකේ තියෙන්නේ "CANCEL" කියලනේ. සාමාන්‍යයෙන් එහෙම නෙමෙයිනේ seal එක ගහන්නේ. Seal එක ගහන්නේ, "CANCELLED (past tense)" නැත්නම් තමන්ම පුරවැසිභාවය නැතිකරන්න කියල ඉල්ලුවොත් හරි වෙන එකක් තියා වීසා cancel කරන්න කියල හරි ඉල්ලුවොත් හරි, තානාපති කාර්යාල වලින් seal ගහන්නේ "CANCELLED WITHOUT PREJUDICE " කියලා. මේ seal ස්ථරව හදපු seal. යකෝ ඇමරිකන්කාරයට ඉංග්‍රීසි බැරිද? මම මේ සම්බන්දව හොඳට දන්නා කෙනෙක්. මේ පෙන්වන seal එක වැරදියි. වැරදියි නෙමේ බොරුවක්. හිටපු ජනාධිපතිතුමා මට සමාවෙන්න ඕනේ. එතුමාගේ අපේක්ෂකයා තමන් ඉස්සෙල්ල clear වෙලා ඉන්නෙපාය
Reply : 0 0
Champa Monday, 11 November 2019 06:04 PM
තව එකක් තමයි ඒ මාධ්‍ය සාකච්චාවේදී මාධ්‍ය වලට නිදහසේ ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ. ගෙනල්ල තිබ්බෙත් ලොකු මාධ්‍යවේදියෝ. නාහෙට නාහන පොඩි මාධ්‍යවේදියෝ ගෙනාවොත් අහන ප්‍රශ්න වලට අලි සබ්රිට උත්තර දෙන්න බැරි හින්ද වෙන්න ඇති. මෙතනදි කවුරු හරි අහවා ගෝඨාභයගේ wife ගැන. අලි සබ්රි සහ තව කෙනෙක් ඉතාම තදින් කිව්වා ඒක අදාල නැහැ එයා චන්ද අපේක්ෂකයෙක් නෙමෙයි කියල. ඒ කතාව සම්පූර්නයෙන්ම වැරදියි. රටේ මිනිස්සුනට ප්‍රශ්නයක් ඊළඟ ජනාධිපතිගේ බිරිඳ හෙවත් ලංකාවේ ප්‍රථම කාන්තාව හෙවත් ආර්යාව ඇමරිකන් පුරවැසියෙක් වෙච්ච එක. ඒ කතාව අදාළ නැත්තේ කොහොමද? ජනාධිපති වෙන්න ඉස්සෙල්ලත් ප්‍රශ්න අහන්න බැරි නම් වුනාට පස්සේ කොහොම වෙයිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd