ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 දා කටුනායකින් ලොස්ඇන්ජලීස් බලා පිටත්වීමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බැව් සඳහන් කරමින් ව්‍යාජ ගුවන් ටිකට්පතක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැර ඇති බවත් එය මුඵමනින්ම සාවද්‍ය බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ වනවිට සියලු සමීක්ෂණ වාර්තා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක එය ඉවසා දරාගත නොහැකි කණ්ඩායම් සිදු කරන මෙවැනි පහත් ක්‍රියාවන් ප්රජාතන්ත්රවාදයට ගරු කරන කණ්ඩායමක් ලෙස ඉතා පිළිකුළෙන් හෙළා දකින බවද ඒ මහතා පෙන්වා දෙයි.
මහනුවර පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ඉදිරි දින පහ තුළ මෙවැනි මඩ ව්‍යාපාර රැසක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ සියල්ල ඔවුන් ක්‍රියාත්මක කරනුයේ පරාජයේ අවසන් විලාපයෙන් හඩා වැටමෙන් යැයිද රඹුක්වැල්ල මහතා පැවසිය.
ජයග්‍රහණය සියයට සියයක් නොව සියයට දහසක් විශ්වාසයැයිද එය ජයග්‍රහණයක් නොව වාර්තාගත විශිෂ්ඨ විජයග්රහණයක් වනු ඇතැයිද හෙතෙම පැවසීය.
මේ නිසා දරාගත නොහැකි දැඩි ජරාජිත වේදනාවෙන් උන්මන්තව ඇති කණ්ඩායම කුමන ව්‍යාජ,මඩ ප්‍රචාර ගෙන ගියද රටෙහි ජනතාව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපති කිරීමට තීරණය කර අවසන් යැයිද ඒ මහතා පැවසීය.
සියලු රාජ්‍ය බුද්ධි අංශ හා විශ්වවිද්‍යාල හතක සමීක්ෂණ වාර්තා වලින් ගෝඨභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කර ඇතැයි ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි.
ඒ අනූව 57% ක 59% ක වාර්තා ගත ජයක් රාජපක්ෂ මහතා ලබන බවත් එය ඡන්ද ලක්ෂ දොළහක් දහසයක් අතර වනු ඇති බවත් රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර - මෙහොමඩ් ආසික්