ගජමුතු 4ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගැනීම පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
උපාය දූතයෙකුගේ සහාය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය වව්නියාව ප්රදේශයේ හෝටලයක රථගාලකදී ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා සහ ඒවා අලෙවි කිරීම සහාය ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් කුරුණෑගල, මහව හා නිකවැරටිය පදිංචිකරුවන් බවයි වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ නිලධාරීන් සදහන් කළේ.
ගජමුතු හා සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සදහා වව්නියාව මූලස්ථාන පොලිසිය වෙත භාරදී තිබෙනවා.