මහියංගණ වේවත්ත මොරකැටිය ගම්මානයේ අයෙකු ලක්ෂ 06කට ගජමුතු විකිණිමට තැත්කිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මාදුරුඔය නිළධාරින් හා දඹාන මාදුරුඔය ගල්කඩ පිවිසුමේ නිළධාරින් එක්ව උපායදූතයෙකු යොදා සිදු කල මෙහෙයුමකදී (30) උදැසන එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
වන සත්ව වෘක්ෂලතා ආඥා පනතට අනුකූලව, ගජමුතුයැයි විවහාරයේ සැලකෙන වන ඇතෙකුගේ දළයෙන් හෝ දතක කොටසක් සන්තකයේ තබාගැනීම හා විකිණිමට තැත්කිරිම යන චෝදනා යටතේ මෙම වැටලීම සිදුකර, වේවත්ත මොරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයා වයස 66ක් වු විවාහක පුද්ගලයෙකු වන අතර එම ගම්මානයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකි.
අත් අඩංගුවට ගත් පුද්ගලයා හා ඔහු සන්තකයේ තිබු එකක් ගජමුතුව සමග මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවය ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
වනජීවි සහකාර අධ්‍යක්ෂක හා නීති ක්‍රියාත්මක කිරිමේ ඒකකයේ ඩී එම් වීරසිංහ මහතාගේ උපදෙස් පිට මාදුරුඔය ජාතික උද්‍යාන මූලස්ථානයේ අඩවි ආරක්ෂක ඩි එච් ජේ පී මංජුල ප්‍රදීප් මහතාට ලැබුණ තොරතුරක් මත, අඩවි ආරක්ෂක කේ සී ඩබ්ලිව් ගුණවර්ධන, වනජීවී අඩවි සහකාර එල් ආර් එම් තේමිය රත්නායක, වන සත්ව නියාමක ආර් එම් එස් කේ රත්නායක, වන ජීවි කේෂත්ර සහකාර පී ජි ප්‍රියංත අරුණ, එස් ඒ එස් සමරසිංහ, වනජීවි මාර්ගෝපදේශක ඩි එච් එම් සුරංග ලක්ෂිත, සිවිල් ආරක්ෂක නිළධාරී එම් ජි ඒ ශ්‍රීලාල් යන මාදුරුඔය උද්‍යාන මුලස්ථානයේ හා මාදුරුඔය ගල්කඩ පිවිසුමේ නිළධාරිහු ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත.
මහියංගණ - රංජිත් කරුණාවිර